නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

මාර්තු 22, 2021

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් රුවන් පෙරේරා මහතා, 2021 මාර්තු 21 දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.

ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් රියර් අද්මිරාල්  පෙරේරා මහතා වෙත නාවික හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී පත්වීම් ලිපිය ලබා දෙන ලදී.