සමුද්‍රීය නීති ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය

මාර්තු 26, 2021

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNODC) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශක ක්‍රේග් ලුන් මහතා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් අනුර ඒකනායක සමඟ 2021 වර්ෂය තුළ UNODC හි අනුග්‍රහයෙන් මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ ආරම්භ කිරීමට නියමිතව තිබූ පුහුණු පාඨමාලා පිළිබඳව පසුගිය දිනක සාකච්ඡා කරන ලදි.

සමුද්‍රීය නීති ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ හැකියාවන් ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු කරමින් ජ්‍යෙෂ්ඨ උපදේශක ලුන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඵලදායී වු බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පැවසීය.

කලාපීය නීති ක්‍රියාත්මක කිරීමේ ආයතනවල අභිවෘද්ධිය සඳහා මිරිස්ස උසස් පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු පහසුකම් උපයෝගී කර ගැනීම සඳහා වැඩිදුර සාකච්ඡා පැවැත්වූ අතර පුහුණු ක්‍රියාකාරකම් පැවැත්වීම සඳහා ද්විපාර්ශික සහයෝගීතාව වැඩිදියුණු කිරීමට එකඟ වූ බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.