රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

මාර්තු 26, 2021

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටේරි මහතා අද ( මාර්තු 26) දින අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා හමුවිය.

මෙම හමුවේදී ආරක්ෂක ලේකම් සහ තානාපතිවරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් සිදුවිය.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව ජෙනරල් ගුණරත්න රුසියානු තානාපතිවරයාට මෙහිදී සිය ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂ්කෝඩා සහ අතිරේක ලේකම් (ආරක්‍ෂක) පීබීඑස්සී නොනිස් යන මහත්වරුද සහභාගී විය.