දික්ඕවිට ධීවර යාත්‍රාවක ඇතිවූ ගින්න නාවික හමුදා මැදිහත්වීමෙන් මැඩපැවැත්වේ

මාර්තු 30, 2021

දික්ඕවිට, ධීවර වරාය තුළ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රාවක ඊයේ (29) දින ඇති වූ හදිසි ගින්නක් නාවික හමුදා ගිනි නිවීමේ ඒකකය විසින් මැඩපවත්වන ලදි.

ගිනි නිවන භටයින් විසින් යාත්‍රාවේ ඇති වූ ගින්න කඩිනමින් පාලනය කිරීමට කටයුතු කල හෙයින් වරාය තුළ නවතා තිබූ අනෙකුත් යාත්‍රා නිරුපද්‍රිතව ආරක්ෂා කර ගැනීමට හැකිවිය.  

දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අනුඛණ්ඩය වෙතින්  නිකුත් කරන ලද දැනුම්දීමකට අනුව නාවික හමුදා ගිනි නිවන භටයන් එම ස්ථානයට පැමිණ තිබේ.

නාවික හමුදා ගිනි නිවන භටයින්, කොළඹ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, දික්ඕවිට වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තු අනුඛණ්ඩයේ සාමාජිකයින් සහ ධීවර වරායේ පිරිසක් එක්ව ගින්න මැඩපැවැත්වීමට සමත් විය.

තුවාලකරුවන් දික්ඕවිට වෙරළාරක්‍ෂක මධ්‍යස්ථානයේ සහාය ඇතිව ළඟම ඇති රෝහල් වෙත ඇතුලත් කල බව නාවික හමුදාව පැවසීය.