පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අප්‍රේල් 17, 2019

පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්තෆා අන්වර් (Air Commodore Mustafa Anwar) ප්‍රමුඛ දුත පිරිසක් අද (අප්‍රේල් 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්‍ෂක ලේකම්තුමන් සහ පකිස්තානු දුත පිරිස අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි. මෙම අවස්තාව සිහිවීම වස් සමරු තිලින හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) අනුරාධ විජේකෝන් සහ හමුදා සම්බන්ධිකරණ නිලධාරි මේජර් ජෙනරාල් ඩීඒආර් රණවක යන මහත්වරුද සහභාගි වූහ.