යාපනයේ දිළිඳු පවුල් සඳහා සහන

අප්‍රේල් 01, 2021

විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන යාපනය ප්‍රදේශයේ තෝරාගත් පවුල් සඳහා වියළි ආහාර සලාක මලු, පාසල් ළමුන් සඳහා පාසල් උපකරණ සහ ළදරුවන් සඳහා අවශ්‍ය උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දිනක කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරයේ දී පැවැත්විය.
 
ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සහ යුද හමුදා නිලධාරීන්ද මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.