රුපියල් මිලියන 13.8 ක් වටිනා ගංජා තොගයක් යුද හමුදා භාරයට

අප්‍රේල් 01, 2021

මන්නාරම් දූපතේ පේසාලේ වෙරළ ආසන්නයේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 46 ක පමණ ගංජා තොගයක් මෑතකදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙයට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු හමුවී නොමැති අතර රුපියල් මිලියන 13.8 ක් වටිනා මෙම ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා පේසාලේ පොලිසිය වෙත භාර දුන් බව යුද හමුදාව පැවසිය.