ආරක්ෂක ලේකම් ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක

අප්‍රේල් 05, 2021

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (අප්‍රේල් 05) දින කොළඹ මැලේ වීදියේ පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරයේදී විද්‍යාලීය ප්‍රාථමික අංශයේ පුස්තකාලය, ක්‍රියාකාරකම් කාමරය, නිල නිවාස සහ නියෝජ්‍ය විදුහල්පති කාර්යාලය ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට ලක්විය.

පසුව, විද්‍යාලයේ දැනට ඉදිවෙමින් පවතින නේවාසිකාගාරයේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලූ අතර කඩිනමින් ව්‍යාපෘතිය නිම කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ, විද්‍යාලයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් ඩබ්ලිව්. ආර්. පලිහක්කාර (විශ්‍රාමික), විදුහල්පති නිරෝෂන් ඕපාත, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හසිනි තලගල සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.