ආරක්‍ෂක ලේකම් රණවිරු සේවා අධිකාරියේ සංචාරයක

අප්‍රේල් 09, 2021

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (27) දින රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් අමතමින් රණවිරුවන්ගේ පවුල් සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට පොරොන්දු විය.

රණවිරු පවුල් රැකබලා ගැනීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳ සිහිපත් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා ඔවුන්ගේ අවශ්‍යතා ගැඹුරින් අධීක්ෂණය කිරීමේ ජාතික අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කළේය.

තවද, රජයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සාමාජිකයින් විසින් ඉතා ඉහල මට්ටමේ සේවාවන් සැපයීමේ වැදගත්කම සබැඳිව ආරක්‍ෂක ලේකම්වරයා විසින් දැනුම් දෙන ලදි.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනි සෝනියා කෝට්ටේගොඩ, එහි අධ්‍යක්‍ෂක මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න (විශ්‍රාමික) සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.