යුද හමුදාවේ ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021’ තරඟාවලිය සාර්ථකව අවසන් වේ

අප්‍රේල් 12, 2021

ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා සංගමය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන සංගමය විසින් සංවිධානය කරන ලද දෙදිනක් පුරා පැවැත්වෙන ‘කුකුලේගඟ ස්පීඩ් ක්ලයිම්බ් 2021' තරඟාවලිය ඊයේ (අප්‍රේල් 11) සවස කුකුලේගඟ දී අවසන් විය.

සම්පුර්ණයෙන්ම කාපට් සහිත මෙම ධාවන පථය මීටර් 900 ක දිගකින් යුක්ත වන මීටර් 10 ක් පළල සහ අංශක 60 ක ආනතියක් මෙන්ම තියුණු වංගු 2 කින් ද සමන්විත වන අතර කුකුලේ ගඟ සුන්දර භුමි ප්‍රදේශයක පිහිටා ඇත.

මෙය ඉතා තියුණු තරඟාවලියක් වූ අතර ඒ සඳහා ප්‍රවීණ යතුරු පැදි ධාවකයින් 120 දෙනෙකුට අධික ප්‍රමාණයක් සහ මෝටර් රථ ධාවකයින් 80 දෙනෙකු සහභාගී විය.

මෙම තරඟාවලිය අවසානයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යතුරු පැදි සහ මෝටර් ධාවන තරඟවලියේ ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් ලබාදෙන ලදී.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති , MTV/MBC නාලිකා ප්‍රධාන විධායක නිලධාරී, නිලධාරීන්, අනුග්‍රාහකයින් ඇතුළු සීමිත ක්‍රීඩා ලෝලීන් පිරිසක් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම අවස්ථාව සඳහා සහභාගී විය.