රොෂාන් අබේසුන්දර ඊළඟ නිලයට උසස් වේ

අප්‍රේල් 16, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ විසින් ඊයේ (අප්‍රේල් 15) දින නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර කෝප්‍රල් නිලයට උසස් කරන ලදි.

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි දක්වා පිහිනීමේ දක්ෂතාවය අගයමින් අබේසුන්දර මෙම උසස් වීම ලබා ඇති අතර ඔහු අප්‍රේල් 11 වන දින නැවත පැමිණි බව ගුවන් හමුදාව පවසයි.

මෙම ජයග්‍රහණය ආසියානු දිගු දුර පිහිනුම් වාර්තාව බිඳ දැමීමට සමත් වූ බවද ගුවන් හමුදාව පවසයි.

මෙය සාර්ථකව නිම කිරීම සඳහා ආරම්භයේ සිට අවසානය දක්වා සිදුකරන ලද මහඟු කැපවීම පිළිබඳව එයාර් මාෂල් සුදර්ශන පතිරණ ඔහුට සුභ පැතූ අතර ත්‍යාගයක් ද පිරිනමන ලදි.

මෙම අවස්ථාව සඳහා මෙහෙයුම් භුමි අධ්‍යක්ෂ, ක්‍රීඩා අධ්‍යක්ෂ සහ ගුවන් හමුදා ක්‍රීඩා සංගමයේ ලේකම්ද සහභාගී විය.