වේලු ඔයේ අතුරුදන් වූ දෙදෙනාගේ දේහයන් යුද හමුදා භට පිරිස් විසින් සොයා ගැනේ

අප්‍රේල් 16, 2021

හල්දුම්මුල්ල වේලු ඔයේ දියනෑමට ගොස් ඊයේ සවස අතුරුදන් වූ පිය පුතු දෙපලගේ දේහයන් යුද හමුදාව විසින් අද (අප්‍රේල් 16) උදෑසන සොයා ගෙන තිබේ.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය මගින් සිදුකරන ලද පුළුල් සෝදිසි මෙහෙයුමකින් පසු එම දේහයන් සොයා ගන්නා ලදි.

අලුත් අවුරුදු නිවාඩුව සඳහා බදුල්ල බලා යමින් සිටි අතරතුරදී ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇති බව වාර්තා වේ.

මව අසල නොසිටි අවස්ථාවක පියා, පුතා සහ දියණිය දිය නෑමට ගොස් ඇත.

කඳුකර ප්‍රදේශයේ ඇතිවූ අධික වර්ෂාපතනයත් සමඟ වේලු ඔයේ ජල මට්ටම ඉහලයාම නිසා ඇතිවු දරුණු සැඩපහරට පියා සහ පුතා ගසාගෙන ගොස් ඇති අතර, දියණිය දිවි ගලවා ගැනීමට සමත් වි ඇත.

යුද හමුදාපතිගේ උපදෙස් අනුව පැය 18 ක් පමණ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමේදී අතුරුදන්වුවන්ගේ සිරුරු සොයා ගන්නා ලදි.