රුපියල් මිලියන 26 කට අධික ගංජා තොගයක් නීතියේ රැහැනට

අප්‍රේල් 19, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මන්නාරම් පොලිසිය විසින් ඊයේ (අප්‍රේල් 18) දින මුලන්කාවිල් මුද්දලම්පිඩ්ඩි ප්‍රදේශයේදී සිදුකරන ලද ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී කිලෝග්‍රෑම් 89 කට අධික කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිප්පිආරු පාලම අසල සැක කටයුතු ට්‍රක් රථයක් පරික්ෂා කිරීමේදී ගෝනි පහක අසුරා තිබූ මෙම ගංජා තොගය සොයාගෙන තිබේ.

නාවික හමුදා තොරතුරු වලට අනුව අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම මිලියන 26 ඉක්මවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ත් 44 ත් අතර ව‍යසේ පසුවන වව්නියාව සහ නානට්ටාන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ට්‍රක් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.