රුපියල් මිලියන 55.7 ක් වටිනා ගංජා තොගයක් යුද හමුදා භාරයට

අප්‍රේල් 21, 2021

යුද හමුදාවේ 54 වන සේනාංකයට අයත් භටපිරිස් විසින් ඊයේ (අප්‍රේල් 20) දින පූනරින් පල්ලිකුඩා හි මුහුදට ආසන්නව වෙරළබඩ ප්‍රදේශයක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 185.575 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු හදුනාගෙන නොමැති අතර රුපියල් මිලියන 55.7 පමණ වටිනා මෙම ගංජා තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා කිලිනොච්චි විශේෂ කාර්ය බළකායට භාරදුන් බව යුද හමුදාව පවසයි.