දකුණු සුඩානයේ ශ්‍රී ලාංකීක භටපිරිස් පුහුණු අභ්‍යාසයක

අප්‍රේල් 23, 2021

එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් වෙනුවෙන් බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම පිළිබඳ පුහුණු අභ්‍යාසයක් පැවැත්විණ.  
 
මෙම පුහුණු අභ්‍යාසය දෙවන මට්ටමේ රෝහලේ මෙහෙයුම් සඳහා වන සූදානම තක්සේරු කිරීම  පිළිබඳව අවධානය යොමු කළ අතර සාම සාධක භටයෙකුගේ හිස, පපුව සහ උදරයට වෙඩි වැදීමෙන් ඇතිවන තුවාල මෙන්ම වමනය සහ වෙනත් හදිසි අවස්ථා සඳහා ද ප්‍රතිකාර කිරීම පිළිබඳව පෙරහුරුවන් සිදුකරන ලදි.

උපදේශකයින්, වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ පරිපූරක වෛද්‍ය ඇතුළු සියලු වෛද්‍ය කාර්ය මණ්ඩල මෙම අභ්‍යාසයට සහභාගී විය