යුද හමුදා භටපිරිස් යාපනයේ පොදු ස්ථාන විෂබීජහරණය කරයි

අප්‍රේල් 25, 2021

කොවිඩ් - 19 වසංගත තත්වය යළි මතුවීමත් සමඟ ඊට පූර්වාරක්ෂාවක් ලෙස යාපනයේ යුද හමුදා භට පිරිස් විසින් යාපනය නගරයේ පිහිටි ශික්ෂණ රෝහල් පරිශ්‍රය, බසාර් වීදිය සහ නගරයට යාබද ප්‍රදේශ විෂබීජහරණ වැඩසටහනක් දියත් කරන ලදී.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.