යුද හමුදා රණවිරුවන් සඳහා ස්කූබා-කිමිදුම් පුහුණුව

අප්‍රේල් 27, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ හැකියාවන්ගෙන් යුත් රණවිරුවන් පිරිසක් මෑතකදී හික්කඩුව ජාත්‍යන්තර කිමිදුම් පුහුණු පාසලේදී විශේෂ කිමිදුම් පුහුණුවක් සිදුකරන ලදී.

යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන ස්කූබා කිමිදුම් පුහුණුකරු ෂෙහාන් පිලපිටිය විසින් මෙහෙයවන ලදී.

යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් තුෂාන් සේනාරත්න සහ රණවිරුවන් 10 දෙනෙක් මෙම පුහුණු වැඩසටහන සඳහා සහභාගී විය.