නාවික හමුදාව නොගැඹුරු ජලයේ යාත්‍රා කළ හැකි වායු බල යාත්‍රාවක් නිර්මාණය කරයි

අප්‍රේල් 27, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව නොගැඹුරු ජල තීරයන්හි හා වගුරු බිම් අශ්‍රිතව ගමන් කළ හැකි වායු බල යාත්‍රාවක් නිර්මාණය කර ඇත.  

ඒ අනුව, නාවික හමුදාව නොගැඹුරු ජල ප්‍රදේශවල මුර සංචාර සඳහා මෙම නව යාත්‍රාව යොදා ගැනීමට අපේක්ෂා කරයි.

ප්‍රථමයෙන්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ස්ථාපිත ගෑස් සහ තෙල් ගබඩා සංකීර්ණය අවට ආරක්‍ෂාව සඳහා කරගම් ලේවාය වගුරුබිම ආශ්‍රිත ප්‍රදේශය සඳහා නාවික හමුදාව විසින් මෙම යාත්‍රාව යොදවා ඇත.

දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් මෙම යාත්‍රාවේ ක්‍රියාකරුවන් සඳහා පුහුණු සැසියක් කරගම් ලේවාය වගුරුබිම් ආශ්‍රිත ජල තීරයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.