කොවිඩ් - 19 එන්නතේ දෙවන මාත්‍රාව යුද හමුදා සාමාජිකයින් වෙත ලබාදීම ආරම්භ කෙරේ

අප්‍රේල් 29, 2021

කොවිඩ් - 19 වසංගතය ව්‍යාප්තවීමට එරෙහිව ක්‍රියා කරන ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ‘ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ඊයේ (අප්‍රේල් 28) දින සවස කොළඹ යුද හමුදා රෝහලේදී සිදුකරන ලදී.

ඒ අනුව, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමට ක්‍රියාකාරීව සටන් කරන යුද හමුදා සාමාජිකයින් සඳහා දිවයින පුරා පිහිටි යුද හමුදා රෝහල් 15 ක් හරහා එන්නත ලබාදෙනු ඇත.

කොවිඩ් - 19 වැළැක්වීමේ කටයුතු වල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද හමුදා සෞඛ්‍ය සේවකයින්ට මෙම එන්නත ලබාදීමේ ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරි මස ආරම්භ කරන ලදී.