රුපියල් මිලියන 72 ක් වටිනා ගංජා තොගයක් නාවික හමුදා භාරයට

අප්‍රේල් 30, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය බදාදා (අප්‍රේල් 28) දින යාපනය සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු කළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 240 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 72 ක් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා උතුරු නාවික විධානය මගින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී, පාර්සල් 105 ක් වශයෙන් සූක්‍ෂම ලෙස සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට හැකිව ඇත.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම සම්පුර්ණ මෙහෙයුම සිදුකල බව නාවික හමුදාව සනාත කරයි.