යුද හමුදාව විසින් දෙමළ, මුස්ලිම් සහ සිංහල තරුණයින්ගෙන් සමන්විත ආධුනික පුහුණු පාඨමාලාවක් යාපනයේ දී අරඹයි

මැයි 02, 2021

ආරක්ෂක හමුදා සාමාජිකයින් අතර යාපනයේ ජීවත් වන ජනතාව අතර සමගිය, සංහිඳියාව සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කිරීමේ  අරමුණින්  දෙමළ, මුස්ලිම් සහ සිංහල තරුණ තරුණියන් 359 දෙනෙකුගෙන් සමන්විත ආධුනික පුහුණු පාඨමාලාවක් යාපනයේ විඩත්තපලේ බලඇණි පුහුණු පාසලේදී ආරම්භ කරන ලදී.

යුද හමුදාවට නව සොල්දාදුවන් බඳවා ගැනීමේ පළමු අදියරේ කොටසක් ලෙස ආරම්භ වූ මෙම පුහුණු පාඨමාලාවේ අරමුණ දෙමළ හා සිංහල කතා කරන තරුණ තරුණියන් වෘත්තීය සොල්දාදුවන් බවට පත් කිරීමයි.

මෙම  අවස්ථාවට ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, බලඇණි අණදෙන නිලධාරීන් සහ උපදේශකයින් සහභාගී වූහ.