ජාතික රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

මැයි 04, 2021
  • මව්බිමේ විරුවන්ට ජාතියේ උත්තමාචාරය

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පැළඳවීම අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

මැයි මාසයේ පළමු සතියේ ජනාධිපතිතුමාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක් විය.