නාවික හමුදාව හා විශේෂ කාර්යය බළකාය ඒකාබද්ධව මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමක් රාජගිරියේදී

මැයි 05, 2021

නාවික හමුදාව සහ විශේෂ කාර්යය බළකාය එක්ව  රාජගිරිය ප්‍රදේශයේ මැයි මස 03 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය (Crystal methamphetamine) ග්‍රෑම් 311 මිලි ග්‍රෑම් 250 ක පමණ ප්‍රමාණයක් සහ හෂීස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 47 මිලි ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් මෙම මත්ද්‍රව්‍ය විකිණීම සඳහා ‍රැගෙන යමින් තිබූ බවට අනාවරණය වු බව නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය සහ අවුරුදු 26 ත් 30 ත් අතර වයසේ පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් මෙම මෙහෙයුම සිදුකරන ලද බව නාවික හමුදාව තහවුරු කරයි.