විශාලතම COVID-19 රෝහල යුද හමුදාවෙන්

මැයි 07, 2021

ශ්‍රී ලාංකිකයින් සඳහා හොඳම හදිසි සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබා දීමේ අරමුණින්, ශ්‍රී ලංකා යුද හමුදාව බ්‍රැන්ඩික්ස් ආයතනයේ අනුග්‍රහය සමගින්  මේ වනවිට සීදුව ප්‍රදේශයේ   ඇදන් 1200ක්   හා අත්‍යවශ්‍ය සෞඛ්‍ය පහසුකම්වලින් සමන්විත දිවයිනේ විශාලතම COVID-19 රෝහල විවෘත කිරීමට කටයුතු කරමින් සිටී.

හදිසි ප්‍රතිකාර ඒකක, හුදකලා කිරීමේ අංශ, දැඩි සත්කාර ඒකක, ඖෂධ ගබඩා  ආදිය සහිතව  රෝගීන් 1200 දෙනෙකුට පහසුකම් ලබා දීමට  අපේක්ෂා කරන බව යුද හමුදාව පවසයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ නුදුරේදී රෝහලේ වැඩකටයුතු අවසන් කර විවෘත කරන බවයි.