අකුණු වලින් ප්‍රවේශම් වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මැයි 09, 2021

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින උදෑසන කාලගුණ වාර්තා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ උතුරු මැද පලාත් වල ස්ථාන කිහිපයක සහ ගාල්ල, මාතර, මන්නාරම් දිස්ත්‍රික්ක වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු හා තද සුළං හේතුවෙන් සිදුවිය හැකි හානී පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටි.

කාලගුණ වාර්තාවට අනුව, දකුණු හා නැගෙනහිර පලාත් වල වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

සබරගමුව හා මධ්‍යම පළාත් වල ස්ථාන කිහිපයක සහ ගාල්ල මාතර, කුරුණෑගල සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වල මිලීමීටර් 100 කට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව තවදුරටත් දන්වා සිටි.