නන්දිකඩාල් ජනතාවට යුද හමුදාවෙන් මුඛ ආවරණ

මැයි 09, 2021

යුද හමුදාව විසින් තවත් සමාජ සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් මුලතිව් නන්දිකඩාල් ප්‍රදේශයේ ජනතාව අතර මුඛ ආවරණ 5000 ක් පසුගිය දිනක බෙදා දෙන ලදි.

ඒ අනුව 59 වන සේනාංකයේ භට පිරිස් විසින් මුඛ ආවරණ බෙදාදීම සහ මාරාන්තික කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලදි.

මුඛ ආවරණ පැළදීමේ වැදගත්කම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු අනෙකුත් ක්‍රියා මාර්ග ඇතුළු සෞඛ්‍ය සේවා මාර්ගෝපදේශ පිළිබඳව මෙහිද ජනතාව දැනුවත් කරන ලදි.

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිබඳව මෙම වැඩසටහන සිදුකරන ලදි. 

Sinhala.