අම්පාර ‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාලය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කෙරේ

මැයි 11, 2021

මෙම තීරණාත්මක අවස්ථාවේදී කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අම්පාර ‘හාර්ඩි’ තාක්‍ෂණ විද්‍යාල සංකීර්ණය ඇඳන් 400 කින් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.