ගුවන් හමුදා දායකත්වයෙන් තවත් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන

මැයි 11, 2021

වර්තමානයේ සිඝ්‍රයෙන් පැතිරයන කොවිඩ්-19 වසංගත තත්වයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරමින් සිටී.

ඒ අනුව, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මුල්ලේරියාව මූලික රෝහලේ වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කළ අතර වාට්ටු පහකින් සමන්විත මෙම වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ජුනි මාසය වන විට අවසන් කර රෝහලට භාර දීමට නියමිතය.

මීට අමතරව, මඩකලපුව ගුවන් හමුදා කඳවුර විසින් කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටී. රෝගීන් 300 දෙනෙකුට ප්‍රතිකාර කළහැකි වන පරිදි මෙම මධ්‍යස්ථානය සැලසුම් කර ඇත.