තවත් ප්‍රදේශ හයක් හුදෙකලා කෙරේ

මැයි 11, 2021

අද (මැයි 11) දින පෙරවරු 06.15 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක හතරක ප්‍රදේශ හයක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

ඒ අනුව, අලුතින් හුදෙකලා කර ඇති ප්‍රදේශ පහත පරිදි වේ:

මාතර දිස්ත්‍රික්කය            -  උයන්වත්ත ග්‍රාම නිලධාරී වසම     - උයන්වත්ත උතුර ග්‍රාම නිලධාරී වසම
මාතලේ දිස්ත්‍රික්කය          -   උඩහපුවිද ග්‍රාම නිලධාරී වසම  
මහනුවර  දිස්ත්‍රික්කය        -  වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ තිබ්බුට්ට ග්‍රාමය  
   වල්ගම්පාය ග්‍රාම නිලධාරී වසමේ කොස්ගස්තැන්න ග්‍රාමය  
පුත්තලම දිස්ත්‍රික්කය       -  මැදකිරිමැටියන ග්‍රාම නිලධාරී වසම    

   
මේ අතර, අද උදෑසන සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයේ  නිකදලුපොත ග්‍රාම නිලධාරී වසම හුදකලා බවින් ඉවත් කර තිබේ.