යුද හමුදා සෙබළෙකුගෙන් දකුණු ආසියානු වාර්තාවක්

මැයි 12, 2021

මෑතකදී ටෙක්සාස් හි පැවති ක්‍රීඩා තරගාවලියකදී (2021 Lone Star Conference Outdoor Track & Field Championships) ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සෙබල උෂාන් තිවන්ක පෙරේරා විසින් උස පැනීමේ ඉසව්ව සඳහා දකුණු ආසියානු සහ ශ්‍රී ලංකා වාර්තාවක් තබන ලදි.

මීටර් 2.3 ක උසක් ලබාගනිමින් දකුණු ආසියානු වාර්තාව පිහිටවු අතර ඔහුගේ පෙර වාර්තාව පමණක් නොව ශ්‍රී ලංකා ජාතික වාර්තාවද අලුත් කර තිබේ.