මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදාවෙන් පරිත්‍යාගයක්

මැයි 13, 2021

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂ මාතෘ ඒකකය වෙත ඇඳන් 03 ක් ලබා දෙන ලදි.  

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2021 මැයි මස 12 දින නාවික හමුදා මූලස්ථානයේ පිහිටි ප්‍රදීපාගාර අවන්හලේදී මෙම පරිත්‍යාගය සිදුකල බව නාවික හමුදාව පවසයි.

කොවිඩ් - 19 සඳහා ප්‍රතිකාර ලබන මව්වරුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ඇඳන් කොළඹ නැගෙනහිර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න වෙත භාර දෙන ලදි.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ආධාරයෙන් නාවික හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඉදිකරනු ලබන මහල් 12කින් යුතු විශේෂ හෘද ප්‍රතිකාර සංකීර්ණයෙහි (Cardiac & Critical care complex) මේ වන විට මහල් 09ක් ඉදිකර ඇති බව නාවික හමුදාව පවසයි.   

Sinhala.