රාජ්‍ය අමාත්‍ය විජයවර්ධන රාජකීය නාවික නෞකාවේ සංචාරයක

අප්‍රේල් 03, 2019

අද (අප්‍රේල් 03) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹ වරායට පැමිණි බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාවේ සංචාරයක නිරත විය. මෙම නෞකාව ඊයේ (අප්‍රේල් 02) දින සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් කෝනර් ඕනේල් (Commander Conor O’Neil) විසින් රාජ්‍ය අමාත්‍යතුමන් මහත් හරසරින් පිළිගනු ලැබිය.

මෙම සංචාරයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් නෞකාවේ කාර්ය මණ්ඩලය ද හමුවූ අතර එම අවස්ථාව සිහිවීම වස් නෞකාවේ අණදෙන නිලධාරි සමග සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.