යුද හමුදා භට පිරිස් යාපනය නගරය විෂබීජහරණය කරයි

මැයි 14, 2021

කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා යුද හමුදාවේ 512 බලසේනාව, 17 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන ගජබා රෙජිමේන්තුව විසින් මෑතකදී යාපනය නගරය විෂබීජහරණය කරන ලදි.

ඒ අනුව, මධ්‍යම බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථානය, පොදු වෙළඳපොල, කන්කසන්තුරේ මාර්ගය, යාපනය ශික්ෂණ රෝහල් පරිශ්‍රය, ක්‍රීඩා පිටි සහ රජයේ කාර්යාල විෂබීජහරණය කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපතිගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.