'ටවුටේ' සුළි කුණාටුව ගැන අවධානයෙන්

මැයි 15, 2021

ගිණිකොණ දින අරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊයේ (14) දින සිට ප.ව. 11.30 ට උතුරු අක්ෂාංශ 12න් නැගෙනහිර දේශාංශ 72.6 න් ආසන්නව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේත්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

"ටවුටේ" ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 තුල එය චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බව එහි සදහන් වේ.

මෙය උතුරුට බරව වයඹ දිශාවට ගමන් කරමින් මැයි 18 වන දින උදේ ගුජරාට් වෙරළ තීරයට ගමන් කිරීමට ඉඩ ඇත.

මෙමගින් දිවයිනේ කාළගුණය කෙරෙහි ඇති බලපෑම අද සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read more