මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට

මැයි 17, 2021

නීති විරෝධී ලෙස ලබාගන්නා ලද මෝර වරල් (කි.ග්‍රෑ. 55) ළඟ තබා ගත් එක් දින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු බේරුවල ධීවර වරායේ ස්ථානගතව සිටින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නීති විරෝධී මෝර වරල් තොගය යාත්‍රාව තුල සඟවා තිබියදී වෙරළාරක්‍ෂක නිලධාරීන් විසින් සොයා ගත් බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් පුද්ගලයින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ධීවර පරීක්‍ෂක (බේරුවල) වෙත භාර දෙන ලදි.