කිලෝ 55 කට අධික ගංජා තොගයක් යුද හමුදා අත්අඩංගුවට

මැයි 17, 2021

යුද හමුදාවේ 16 වන ගැමුණු හේවා බළඇණියේ භටපිරිස් විසින් යාපනය පුලියන්තුරෙයි ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඇසුරුම් 26 ක තැන්පත් කර වෙරළබඩ ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 55.4 ක් අත්අඩංගුවට ගන්නා ලදි.

බුද්ධි අංශ සමග ඒකාබද්දව මෙම මෙහෙයුම සිදුකල බව යුද හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුකොඩෙයි පොලිස් ස්ථානය වෙත භාරදෙන ලදි