යුද හමුදා භටපිරිස් යාපනය අච්චුවේලි නගරය විෂබීජහරණය කරයි

මැයි 18, 2021

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මෑතකදී අච්චුවේලි නගරයේ පොදු ස්ථාන විෂබීජහරණය කළේය.

ඒ අනුව, 521 වන බලසේනා මුලස්ථානයේ සහ 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් බස් නැවතුම්පොළ, වෙළඳපොළවල්, බැංකු සංකීර්ණ, සාප්පු, ත්‍රිරෝද රථ නැවතුම්පල සහ ජනාකීර්ණ ප්‍රදේශ පිරිසිදු කර විෂබීජහරණය කළ බව යුද හමුදාව පවසයි.

මේ අතර, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ඩෙංගු රෝගය පැතිරීම වැලැක්වීම සඳහා යාපනයේ පේදුරුතුඩුවේ උඩුප්පිඩි-කරනවායි මාර්ගයේ කිලෝමීටර 4 ක පමණ දුරක් ආවරණය වන පරිදි පිරිසිදු කරන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ  මගපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පේදුරු තුඩුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඇතුළු සේවකයින් සහ ප්‍රදේශවාසීන්ද එක්වූ බව යුද හමුදාව පවසයි.