නාවික හමුදා සහයෙන් කැළණි ග‍ඟේ ගසාගෙන ගිය පාවෙන අප ද්‍රව්‍ය බාධකය යලි ස්ථාපිත කෙරේ

මැයි 19, 2021

පසු ගිය දින කිහිපය පුරා පැවති අධික වර්ෂාව හේතුවෙන් කැළණි ග‍ඟේ ජල මට්ටම ඉහල යාමත් සමඟ ජල පහරට හසුවී ගසාගෙන ගිය පාවෙන ජල බාධකය නැවත යථාතත්වයට පත් කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඊයේ දින නාවික හමුදා සහය ලබා දෙන ලදි.

අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත කැළණි ගඟ වෙතින් ජලය ලබා ගන්නා ස්ථානය වෙත ජලය සමග පාවී එන අපද්‍රව්‍ය සහ තෙල් සහිත කොටස් ඇතුළු වීම වැළැක්වීම සඳහා අඩි 320ක් පමණ දිගින් යුත් විශේෂිත පාවෙන අපද්‍රව්‍ය බාධකයක් යොදා ඇත.

බටහිර නාවික විධානයට අයත් කිමිදුම් සහ විශේෂ යාත්‍රා බලඝණයේ නාවික පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම අප ද්‍රව්‍ය බාධකය නැවත යථාතත්වයට පත් කිරිමේ මෙහෙයුමට යොදවා ඇත.