නීති විරෝධී වැලි ගොඩදැමීමේ ස්ථාන කිහිපයක් ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව වටලයි

මැයි 20, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් හරහා ලබාගත් බුද්ධි තොරතුරු සහ  බී -200 ගුවන් යානා යොදා ගනිමින් සිදු කළ වැඩිදුර නිරීක්ෂණ වලින් අනතුරුව ගුවන් හමුදා  රෙජිමේන්තු විශේෂ බලකාය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බුද්ධි අංශ විසින් ඊයේ  ( මැයි 18) මුතූර් හි සිතාර් පාලම අසල සිදු කරන ලද නීති විරෝධී වැලි ගොඩදැමූ ස්ථාන කිහිපයක් වටලා තිබේ.

එම්අයි -17 හෙලිකොප්ටරයක් යොදා ගනිමින් සිදු කළ මෙම මෙහෙයුමේදී  නීතිවිරෝධී වැලි ගොඩදැමූ කම්කරුවන් 56 දෙනෙකු,වැලි කැණීම් සඳහා භාවිතා කළ ට්‍රක්රථ අටක්, ට්‍රැක්ටර් දහතුනක්, බෝට්ටු තිස් හතරක් සහ මෝටර් සයිකල් තිස් හතක් අත්අඩoගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සඳහා පොලීසියට භාර දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරනගේ මගපෙන්වීමෙන් ආරම්භකළ මෙම ඒකකය විවිධ නීති විරෝධී මෙහෙයුම් වලට සම්බන්ධ සිදුවීම් සහ මෙහෙයුම් වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා පැය 24 පුරා සූදානම්ව සිටියි.