ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ‘දීඝවාපිය අරුණ’ අරමුදලට පරිත්‍යාගයක්

මැයි 20, 2021

'දීඝවාපිය  අරුණ'  අරමුදලට රු. 550,000 ක මුදලක්  පරිත්‍යාගශීලියෙකු විසින් ලබා දීම අද  (මැයි 21) ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදුවිණි.

ගඩොල් කැපීමේ යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ආනන්ද ප්‍රනාන්දු සහ ශ්‍රියා සුමනසේකර යන අයගේ දායකත්වයෙන් මෙම  පරිත්‍යාගය ලබා දෙන  ලදී.

ඒ අනුව මෙම අරමුදල් ආරක්ෂක ලේකම් සහ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත භාර දෙන ලදී.