ධීවර ප්‍රජාවන්වෙත අනතුරු ඇගවේ

මැයි 21, 2021

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුල (12N-20N, 85E-100E) ධිවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස අවවාද කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (මැයි 21) කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇත.

උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ, මැයි මස 22 දින වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාව පවතින බව එහි සදහන් වේ.

ඉන්පසු එය මැයි 23 වන දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බවද සදහන් වේ.

මැයි 24  වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතී. මෙම පද්ධතිය වයඹ  දිශාවට ගමන් කර මැයි 26 වන දින වනවිට ඔදිෂා/ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති  බවද කාලගුණ නිවේදනයේ ඇතුලත් වේ.