බහාලුම් නෞකාවක ගින්න මැඩපැවැත්වට නාවික හමුදා සහය

මැයි 21, 2021

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ X-PRESS PEARL නැමති බහාලුම් ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රා යොදාගෙන මේ වනවිට පාලනය කිරිමට කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අද (21) දින පැවසීය.

බහාලුම් ප්‍රවාහන නෞකාවේ ගින්නක් ඇතිවී ඇති බවට ලද තොරතුරකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම මුහුදු ප්‍රදේශය වෙත ශ්‍රී ලංනානෞ සාගර සහ සිඳුරළ යන ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා 02 සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර හැරීමට කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ටග් යාත්‍රාවක් ද ගිනි නිවීමේ කටයුතුවල නිරත වූ බව නාවික හමුදාව පවසයි.

මෙම බහාලුම් නෞකාව පිලිපීන, චීන, ඉන්දියානු සහ රුසියානු ජාතිකයන්  25 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත බව  නාවික හමුදාව පවසයි.