ගුවන් හමුදාවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

මැයි 22, 2021

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම අපේක්ෂා රෝහල සමග ඒකාබද්ධව ලේ දන්දීමේ වැඩසටහනක් ඊයේ (මැයි 21) දින කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේ දී පවත්වන ලදී.

පවතින වසංගත තත්වය හමුවේ ඇති රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා මහරගම පිලිකා රෝහලේ ලේ බැංකුව වෙත මෙම රුධිරය පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය චාමිනී පතිරණ මහත්මියගේ මග පෙන්වීම මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කල බව ගුවන් හමුදාව පවසයි.

සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ පිළිපදිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.