මුල්ලේරියාව රෝහලට විශේෂ දැඩි දැඩි සත්කාර එකකයක්

මැයි 22, 2021

ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් මුල්ලේරියාවේ පිහිටි කොළඹ නැගෙනහිර මූලික රෝහලේ ඉදිකරන ලද විශේෂ දැඩි සත්කාර ඒකකය සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඊයේ (මැයි 21) දින විවෘත කරන ලදී.

ඇඳන් 150 කින්, වාට්ටු 8 කින් සහ දැඩිසත්කාර ඇඳන් 4 කින් සමන්විත මෙම දැඩි සත්කාර ඒකකය covid-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වන නවීන උපකරණ සහ පහසුකම් වලින් සමන්විතවේ.

සෙලාන් බැංකුවේ අනුග්‍රහය මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

රුපියල් මිලියන 150 ක පමණ ඇස්තමේන්තුගත මුදල වූ මෙම ව්‍යාපෘතිය යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකායේ  තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය හේතුවෙන් රුපියල් මිලියන 13ක පමණ වියදමකින් නිම කිරීමට හැකි වී ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෙලාන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආර්යරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, රෝහල් කාර්ය මණ්ඩලය සහ යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගි විය.