රෝගී වූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය

මාර්තු 31, 2019

රෝගී වූ ධීවරයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදා සහාය

[2019/03/31] 

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (මාර්තු 31) දින බරපතල ලෙස රෝගාතුර වූ ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව, රෝගියා රැගෙන ඒම සඳහා දකුණු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී.

ගාල්ල, ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘මධුෂාන් පුතා’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ හදිසියේ අසනීප වී ඇත. නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට, ගාල්ල ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 64 ක් පමණ වූ දුරකදි රෝගියා සහිත බහුදින ධිවර යාත්‍රාව හමුවී ඇත. වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගත් රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරුණු අතර, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.