නාවික හමුදාවෙන් ලේ දන් දීමේ වැඩසටහනක්

මැයි 25, 2021

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්   ජාතික රුධිර පාරවිලයන සේවය, අපෙක්ෂා රෝහල සහ අනෙකුත් රෝහල් සමඟ එක්ව දිවයින පුරා විසිරී ඇති  සියලුම නාවික විධානයන් ආවරණය කරමින් ලේ දන් දීමේ ව්‍යාපාරයක් ඊයේ (මැයි 24) පවත්වන ලදී.

දිවයිනේ පවත්නා වසංගත තත්ත්වයන් තුළ ජාතික සෞඛ්‍ය සේවය  ශක්තිමත් කිරීම සහ රුධිර ඉල්ලුම සපුරාලීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය  විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි මෙම වැඩසටහන  මෙහෙයවනු ලැබුවේ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ මඟ පෙන්වීම යටතේ ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ  දැඩි ලෙස අනුගමනය කරමින් මෙම වැඩසටහන් සිදු  කළ බව නාවික හමුදාව  ප්‍රකාශ කරයි.

බටහිර නාවික විධානය
 
 
උතුරු මැද නාවික විධානය
 
වයඹ නාවික විධානය
 
 
උතුරු නාවික විධානය
 
 
ගිනිකොන නාවික විධානය
   
 
දකුණු නාවික විධානය