තද වැසි සහ සුළං පිළිබඳ අනාවැකි

මැයි 25, 2021

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින “යාස්” සුළි කුණාටුවේ  බලපෑම හේතුවෙන්  දිවයින පුරා සුළං සහ නිරිතදිග කොටසේ වැසි තත්වය  (බටහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත් තුළ ) අද (25) සිට වැඩි වනු ඇතැයි  අපේක්ෂා කෙරෙන අතර මෙම තත්වය  මැයි 27, දක්වා පවතිනු ඇති බව ද  කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මි. 50-60 දක්වා වැඩි විය හැකි අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් කෑගල්ල, වව්නියාව, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි විය හැක.

බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ ගාල්ල  සහ මාතර දිස්ත්‍රික්කවල සුළං වේගය පැ.කි.මි. 70 ක් දක්වා ඉහළ යා හැකි බව ද එම වාර්තාවේ දැක්වේ.