නෞකාවේ ගින්න නිවීම සඳහා ඉන්දීය නාවික සහය

මැයි 25, 2021

සමුද්‍ර දූෂණය වැළැක්වීමේ හා ගිනි නිවීමේ හැකියාවන්ගෙන් සමන්විත ඉන්දියානු වෙරළාරක්ෂක බළකායට අයත් ඉන්දීය නෞකාවක් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි ගැනීමට ලක්ව ඇති 'X-PRESS PEARL' නෞකාව ඇති ස්ථානයට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

දැඩි සුළං සහ විවිධ කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නෞකාව තුළ ඇතිවූ ගින්න වඩාත් තවත් තීව්‍ර වී ඇති බව නාවික හමුදාව පවසයි.

නැව් කාර්ය මණ්ඩලය සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් ආරක්ෂිතව වෙරළ වෙත රැගෙන ආ බව ද නාවික හමුදාව පැවසීය.

ගිනි නිවන කාරක සහ තෙල් - ප්‍රතිරෝධී රසායනික ද්‍රව්‍ය රැගත් ඩෝනියර් ගුවන් යානයක් ද හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා සුදානම් කර ඇත.

අනතුරුදායක කලාපය මගහරින ලෙස නාවික හමුදාව ධීවර ප්‍රජාවට අනතුරු අඟවයි.