තද වැසි සමඟ නායයෑම් අනතුරු

මැයි 26, 2021

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල මැයි මස 26 දින දක්වා තඳ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර ඇත.

ඒ අනුව බඳුල්ල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් මහනුවර හා කෑගල්ල දිස්ත්‍රික් සීමාවලට ආසන්න කුරුණෑගල දිස්ත්‍රික්කයෙත්, කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇති විය හැකි බව ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය පවසයි.

විශේෂයෙන්ම වර්ෂාවත් සමඟ පොළවේ ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම් හා පොළවේ ගිලා බැසීම් ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් දුරකථන කණු ආදිය හා ගොඩනැගිලි ගෙබිම හා බිත්ති මත ඇති වන පිපිරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම් එකවර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් බොරවීම වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ වේ නම් එම ස්ථාන වලින් හැකි ඉක්මනින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පරියේෂණ ආයතනය ජනතාවට දැනුම් දෙයි.

තවද, නායයෑම් අවධානම අඩුකර ගැනීම සඳහා පවතින කාණු පද්ධති නඩත්තු කිරිම සහ ජලය බැසයෑම සඳහා පවතින අවහිරතා ඉවත් කිරිමට කටයුතු කරන මෙන් අවධානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව වෙත තවදුරටත් දැනුම් දේ.