සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට මාතෘ හා ළමා ඒකකයක්

මැයි 28, 2021

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා ප්‍රමුඛ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය කණ්ඩායමක් සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ  නිරීක්‍ෂණ චාරීකාවක නිරත විය.

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ කොවිඩ් -19 වසංගත නිවාරණ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ද ඒ සදහා සහභාගී විය.

යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය විසින් විශේෂඥයින් පිරිස සහ ඇමතිවරිය  පිළිගන්නා ලදී.

යුද හමුදා ආරංචි මාර්ග අනුව මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ මාතෘ සහ ළමා රෝගීන් සඳහා විශේෂත්වයක් දක්වමින් දැඩි සත්කාර ඒකකයක් සමගින් ඔවුන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය උපාංග සහිත වාට්ටුවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට නියමිතව ඇත.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස විසින් රෝහලේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය අවශ්‍යතා පිළිබඳවද කරුණු සොයා බැලීම ද සිදු වූ බව යුද හමුදාව පවසයි.